HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

චීන විද්‍යාඥයෝ ලොව පළමු වරට “ගැබ්දරණ රොබෝ” වක් නිමවති!

චීන විද්‍යාඥයින් ලෝකයේම පළමු වරට “ගැබ්දරණ රොබෝ” වක් නිර්මාණය කිරීම පිළිබඳව සාර්ථකව පර්යේෂණ කරමින් සිටින බව පසුගියදා The Telegraph වාර්තා කළේය. මෙම තාක්ෂණය මගින් සැබෑ කළලයක් උපත දක්වා ගැබිනි බව සම්පූර්ණයෙන්ම අනුකරණය කරනු ඇති බව විශේෂඥයෝ පවසති. 


ලොව පළමු වරට සැබෑ දරුවකු බිහි කළ හැකි රොබෝ අම්මා

කලලය කෘත්‍රිම ගර්භාශයක් තුළ වර්ධනය වීමට නළයක් හරහා පෝෂණය ලබා දීමට බලාපොරොත්තු වේ. කෙසේ වෙතත්, කළල ය ඇති කරන්නට සංසේචනය සිදු කරන්නේ කෙසේ ද කියා හෙළිදරවු කර නැත. 

මෙම රොබෝව නිර්මාණයට දායකවන්නේ චීනයේ ගුවංෂෝ මූලස්ථානය කරගත් කයිවා කාක්ෂණික (Kaiwa Technology) සමාගමයි. මෙයට නායකත්වය දෙන්නේ සිංගප්පූරුවේ නැන්යැන් තාක්ෂණික විශ්ව විද්‍යාලයෙහි (Nanyang Technological University) ඩො. ෂැං කිෆෙන්ග් විද්‍යාඥයාය. 

මෙම නවෝත්පාදනය සාර්ථක වුවහොත්, ගර්භණී වීමට අවස්ථාව නොමැති අයට මෙය ලොකු උපකාරයක් වන නොඅනුමානය. 

ඩො. ෂැංගේ පවසන පරිදි, මේ වන විට මෙම තාක්ෂණය සාර්ථකව පරිපාකත්වයට පත් කර ඇත. ඔහු ඒ බව මාධ්‍යය අමතා පවසා ඇත්තේ මෙසේය: “දැන් කලලය රොබෝවගේ ගැබෙහි තැන්පත් කළ හැකිය. එවිට සැබෑ පුද්ගලයෙකු හා රොබෝව එකට ක්‍රියා කරමින් ගර්භණී භාවය සම්පූර්ණ කළ හැකි වන අතර, කළලත ඇතුළත වර්ධනය විය හැකිය.” 


ගැබ තුළ සිටිය දී පෝෂණය නළ මගින් ලබා දිය හැකිය

මෙම රොබෝවෙහි පළමු ආදර්ශනය 2026 දී නිකුත් වනු ඇති අතර, මිල යුආන් 100,000 (ඇමරිකානු ඩොලර් සමාන $14,000ක්) පමණ වනු ඇත. 

එහෙත්, මේ තාක්ෂණය පිළිබඳව නීතිමය හා ආචාරධර්මික ගැටලු මතුවි ඇති අතර ඒවා දැනටමත් දැඩි සංවාදයකට ලක්වී ඇත. ඒ අතර භ්රූණයා හා මව අතර ගැඹුරු සම්බන්ධය නැති වීම, බීජ සංසේචනය පිළිබඳ කරුණු, ළමයාගේ මානසික බලපෑම්, සදාචාරාත්මක කරුණු ආදිය ගැන අවධානය යොමු වී තිබේ. 

මෙම තාක්ෂණය මගින් ප්‍රජනන විද්‍යාව ආශ්චර්යමය ලෙස වෙනස් කිරීමට බලාපොරොත්තු වන අතර, ලෝකයේ අඹුසැමි යුවළ අතරින් 15%ක් පමඛ අයට මුහුණපාන්නට සිදු වී ඇති විවිධ ගැටලුවලට නව නව ආකාරයේ විසඳුමක් ලබා දීමට ඉඩ සැලසෙනු ඇත. 

මෙම නවෝත්පාදනයට පදනම් කර ගෙන ඇත්තේ 2017 දී සිදු කළ බයොබෑග් (biobag) පරීක්ෂණයයි. එහිදී කෘත්‍රිම ජල බහාලුවක් තුළ අර්ධ ගර්භණී ක්‍රමයට කලල වර්ධනය කිරීමට හැකිවිය. 

පුවත්පත් වාර්තාවේ සඳහන් වන්නේ, ඩො. ෂැංගේ කණ්ඩායම ගුවංඩොං පළාත් අධිකාරීන් සමඟ එක්ව, මෙම නව තාක්ෂණය පිළිබඳ නීතිමය හා ආචාරධර්මික ගැටලු විසඳා ගැනීමට දැනටමත් කටයුතු කරමින් සිටින බවයි. 

- පර්සි ජයමාන්න

අදහසක් පළ කරන්න

0 Comments